රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
මේ හේතුවෙන් අද (11) පස්වරු 6.30ට සිදු කිරීමට නියමිත ව තිබූ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද විය.
තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගෙන සිටින අතර වර්ෂාව හේතුවෙන් දෙවන තරගය ද අතහැර දැමීමට සිදුවිය.








