මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශවයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය නිරීක්ෂණය වීමෙන් අනතුරුව වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා SL CERT සහ ICTA ආයතන මඟින් අවශ්‍ය තාක්ෂණික පියවර ගෙන ඇත.
කෙසේ නමුත්, එම කාලය තුළදී වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනය සම්බන්ධයෙන් අපැහැදිලි බවක් නිරීක්ෂණය වී ඇති අතර, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම්වරයා 2026 ජනවාරි 09 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් CID විසින් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සමඟම මහජන ආරක්ෂක අමාත්‍යංශ මට්ටමින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.








