වර්තමානයේ පවතින විවිධ අවදානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා නව රක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම රක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.
මෙම වැඩසටහන යටතේ බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600/-ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු වන අතර, වගා හානියක් සිදුවූ අවස්ථාවක අක්කරයකට රුපියල් 180,000/- දක්වා වන්දි මුදලක් ගොවීන්ට ලබාදීමට නියමිතය.
මෙම රක්ෂණ ආවරණය මඟින් ගංවතුර ,නියඟය, පාලනය කළ නොහැකි රෝග , කෘමි උවදුරු වෙනත් ස්වාභාවික හේතුන්ගෙන් සිදුවන වගා හානි ,වන අලි මඟින් සිදුවන වගා හානි ඇතුළු සියලුම ප්‍රධාන අවදානම් ආවරණය කෙරේ.








