කට්ටි පැන්න බොරු මේජර් මාට්ටු වෙයි

අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ”‍මේජර් සම්පත්”‍ නමැති පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය විසින් සීදූව ප්‍රදේශයේදීයි.

සැකකරු ළඟ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැමි 15 යි මිලි ග්‍රැමි 700 ක් ද සොයාගෙන තිබුණා.

ඔහු යුද හමුදා මේජර්වරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් බිය ගන්වා කප්පම් ගැනීම් සහ කොල්ලකෑම්වල නිරත වු අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.