ඉරානයේ රෝහල් මළ සිරුරු සහ තුවාල ලැබූවන්ගෙන් පිරී යයි

ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා දිගටම පවතින බවත් එහිදී ඇතිවන තත්ත්වයන් මත මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්ගෙන් රෝහල් පිරී ඇතැයි ඉරානයේ රෝහල් තුනක කාර්ය මණ්ඩලය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ටෙහෙරාන් රෝහලක වෛද්‍යවරයකු පැවසුවේ “ඇතැම් තරුණයන්ගේ හිසට, ඔවුන්ගේ හදවත්වලට ද සෘජුව වෙඩි ප්‍රහාර වැදී ඇති” බවත්, අගනුවර අක්ෂි රෝහලක් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් වෛද්‍යවරයෙක් පවසා ඇත.

අමෙරිකාව පසුගිය සිකුරාදා නැවත නැවතත් කියා සිටියේ විරෝධතාකරුවන් මැඩපැවැත්වීම සඳහා මිලිටරි ප්‍රතිචාරයක් ලබා දෙන බවයි.

කෙසේ නමුත් සාමකාමී විරෝධතා “ප්‍රචණ්ඩකාරී කඩාකප්පල්කාරී ක්‍රියා සහ පුලුල්ව පැතිරුනු විනාශකාරී ක්‍රියා” බවට පත් කිරීම සම්බන්ධයෙන් ඉරානය, අමෙරිකාවට චෝදනා එල්ල කර තිබුණි.

නවතම වර්ධනයන්ට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ “ඉරානය නිදහස දෙස බලයි, ඇතැම් විට වෙන කවරදාටත් වඩා. ඇමරිකා එක්සත් ජනපදය උදව් කිරීමට සූදානම්!!!” යනුවෙනි.

ආර්ථික දුෂ්කරතා මුල් කර ගනිමින් මීට දෙසතියකට පෙර ටෙහෙරාන් අගනුවරින් රජයට එරෙහි විරෝධතා ආරම්භ විය.

එතැන් සිට ඔවුන් ඉරානයේ සියලුම පළාත්වල නගර සහ නගර 100 කට වඩා ව්‍යාප්ත වෙමින් විරෝධතා ආරම්භ කෙරුණි.විරෝධතාකරුවන් සිය ගනනක් මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවට විශ්වාස කෙරේ.