රට තුළ මේ වන විට ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා.
ජනවාරි පළමු වැනිදා සිට ඊයේ (09) දක්වා දවස් 9 තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 2,420ක් වාර්තා වී ඇති බව සඳහන්.
මෙහිදී වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඒ ප්‍රමාණය රෝගීන් 1,317ක් බවයි වාර්තා වී තිබෙන්නේ.
මේ අතර දකුණු පළාතෙන් 361ක්, මධ්‍යම පළාතෙන් 192ක්, සබරගමුව පළාතෙන් 165ක් ලෙස සඳහන් වනවා.
එම පළාත් අතුරින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් එම රෝගීන් ගණන 625ක් බව සඳහන්.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා සීමාව තුළ රෝගීන් 165ක් වාර්තා වී තිබෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් 393ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 128ක් ද ලෙස රෝගීන් වාර්තා වුණා.
මීට අමතරව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් සැලකිය යුතු මට්ටමක් වාර්තා වී ඇති බව සඳහන්.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 148 සහ මාතර දිස්ත්‍රික්කයෙන් 162ක් වාර්තා වී තිබෙනවා.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 140ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 113ක් වශයෙන වාර්තා වනවා.
මෙම දිස්ත්‍රික්ක කිහිපය තුළ ඩෙංගු රෝගීන් අවධානය යොමු කළ යුතු මට්ටමකින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ඉදිරි කාලයේදීත් වර්ෂා තත්ත්වයන් පෙන්නුම් කරන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.








