මාළු ලොරියක ගැටී තරුණයෙකු මරුට

බේරුවල රෝහල මංසන්ධිය අසලදී අද (10) අලුයම සිදුවූ රිය අනතුරකින් 26 හැවිරිදි විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බේරුවල පොලිසිය පවසනවා.

අද අලුයම 5.40ට පමණ අලුත්ගම කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, කළුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ අලුත්ගම, කළුවාමෝදර, කන්දවිහාර පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සංචාරක ව්‍යාපාරයේ නියුතු සිංහාර උෂාන් ලක්ෂිත නමැති තරුණයෙක්.

ඔහු උදෑසන ආහාර රැගෙන ඒම සඳහා නිවසේ සිට බේරුවල නගරය වෙත යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බේරුවල පොලිසිය සඳහන් කළේ.