ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ විදුලි සේවකයින්ගෙන් බලශක්ති ඇමතිට ලිපියක්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ පත් කළ දිනය ගැසට් කිරීම ප්‍රමාද වීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සිය සේවක පිරිස මුහුණ දෙන ගැටලු පිළිබඳව ලංකා විදුලි බල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

දීර්ඝ ලිපියක් මගින් අදාළ සේවක පිරිස සඳහන් කර ඇත්තේ පත් කළ දිනය තීරණය කර නැවත තහවුරු කළද මෙතෙක් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් ඔවුන් මේ වන විට ගැටලු රැසකට පත්ව ඇති බවය.

අදාළ ලිපිය මගින් බලශක්ති අමාත්‍යවරයාද එම සේවක පිරිස දන්වා ඇත්තේ අනුප්‍රාප්තික ආයතන වෙත අනුයුක්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක කාලයක් ලබා දුන්නේ නම් එම නීත්‍යානුකූල තීරණය ගත් සේවකයින්ට මේ වන විට ඔවුන්ගේ ජීවිතය සැලසුම් කරමින් ඉදිරියට යාමට ඇති අයිතිය ප්‍රතික්ෂේප කරන්නේ කුමණ කාරණයක් මතද යන්න සහ ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් අදාළ විශ්‍රාම ගැන්වීමේ දින වකවානු තහවුරු කර තිබියදී අදාළ ගැසට් පත්‍රය මෙතෙක් නොකරන්නේ කුමණ හේතුවක් මතද යන්න ගැටලු සහගත වන බවය.

මේ හේතුවෙන් එම දිනය පෙබරවාරි 01 වැනි දිනට හෝ ඊට පෙර බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීම, සේවයෙන් නිදහස් වීමට අවසර දීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව අවධානය යොමු කරමින් කඩිනමින් එම ගැටළු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දන්වමින් අදාළ සේවක පිරිස බලශක්ති අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.