නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ, 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් අද (09) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව, මෙම මොඩියුලයේ මුද්‍රණවලට ගිය වියදම් ජනතාවගේ මුදල් බවත්, ලක්ෂ ගණනක එම මුදල අය කර ගත යුත්තේ අගමැතිනියගෙන් බවත්, පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළා.
මෙය ජනතා මුදල් අවභාවිත කිරීමක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








