ශ්‍රි පාද හැටන් මාර්ගයේ නායයෑමේ අවධානමක් තිබූ මහගිරිදඹ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු ශ්‍රී පාදය කරුණා කිරිමට කිසිදු අවධානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිළධාරින් ශ්‍රී පාද භාරකාර හිමියන් හමුවේ පවසයි.
ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමේ අවධානමක් තවදුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාදස්ථානය කරුණා කල හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිලධාරින් ශ්‍රී පාද මළුව වෙත ඊයේ (08) පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් පැවසීය.
දිට්වා සුලි කුණාටුවෙන් මහගිරිදඹ ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිළධාරින් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා එම ස්ථානයේ නායයෑමේ අවධානමක් පවතින බවත්, එම අවධානම සදහා පිළියම් යොදන ලෙස ලබා දුන් නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරිමට ශ්‍රී ලංකායේ යුධ හමුදාවේ භට පිරිස් විසින් කටයුතු කර තිබුණි.
මේ වන විට එම ස්ථානය කොන්ක්‍රීට් පැතිබැමි යොදා පියගැට පෙළ අලුතින් සකස් කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරිමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනයේ නිළධාරින් ඊයේ එම ස්ථානයට ගොස් පරික්ෂා කර බලා ඒ බව ශ්‍රී පාද භාරකාර හිමියන් හමුවේ පවසා ඇත.
ශ්‍රී පාද භාරකාර හිමියන් කියා සිටියේ මේ අනුව හැටන් මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ශ්‍රී පාදය කරුණා කිරිමට හැකි බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිළධාරින් ඊයේ දින ප්‍රතිසංස්සකරණ කල ස්ථානය පරික්ෂා කිරිමෙන් අනතුරුව එහි වාර්ථාවක් ඉදිරි දිනයකදී නිකුත් කරන බවද පැවසු බවයි ශ්‍රී පාද භාරකාර හිමියන් වැඩි දුරටත් කියා සිටියහ.








