අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රිසි මොඩියුලය සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කළ අතර, ඊට අත්සන් ලබාගැනීම පෙරේදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.








