බදුල්ලේ සියලු පාසල්වලට අද පෙරවරු 11 ට නිවාඩු ලබාදෙන ලෙසට දැනුම්දීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට අද (09) පෙරවරු 11 වන විට නිවාඩු ලබාදී දරුවන් සහ ගුරුවරුන් පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම අනාවැකිය සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනය අනුව මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.