දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව, මෙරට දරු පරපුරට ජාත්‍යන්තරය ජයගත හැකි නවීන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, ග්‍රාමීය දරු පරපුර විෂම දුප්පත්භාවයේ චක්‍රයෙන් මුදාගත හැකි එකම මාවත අධ්‍යාපනය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අසත්‍ය ප්‍රචාරවලට යට නොවී, රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියටම ක්‍රියාත්මක කරමින්, දරු පරපුරට හොඳ අනාගතයක් ගොඩ නගා දීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.








