පවතින තත්ත්වය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීල්දණ්ඩාහින්න සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
එමෙන්ම නායයෑමේ නිවේදන අදියර 2 යටතේ මාතලේ විල්ගමුව හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ.
යම්කිසි ඉවත් වීමකදී තමන්ට ගෙන යා හැකි අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ ප්‍රමාණයක්, උදාහරණ ලෙස තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතික, දරුවන්ගේ අධ්‍යාපන සහතික වැනි ඒවා රැගෙන යාමට කටයුතු කරන ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.








