ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) පෙරවරු 6 වන විට මඩකලපුවෙන් කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම අවපාතය වයඹ දිශාවට ගමන් කරමින් අද සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමට හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
ඒ අනුව, ජනතාව විශේෂයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, නාවික හා ධීවර කටයුතුවල නිරත පිරිස් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.








