වැසිත් සමග ප්‍රධාන සහ මධ්‍යම පරිමාණ ජලාශ 50ක් වාන් දමයි

පවතින වැසි සහිත කාලගුණයත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ 26ක් සහ මධ්‍යම පරිමාණ ජලාශ 24 ක් වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ වනවිට කලාවැව, කණ්ඩලම වැව සහ මාදුරුඔය, රාජාංගනය යන ජලාශ ද මේ අතර වන බවයි.

එමෙන්ම, වික්ටෝරියා, රන්දෙණිගල, මෙරගහකන්ද සහ කලු ගඟද මේ වනවිට වාන් මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.