රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව රුපියල් 50,000ක අල්ලස් ගත් තාක්ෂණික නිලධාරිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරු විසින් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා එම අඩුපාඩු නොසලකා සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මතයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ තාක්ෂණික නිලධාරියෙක්.
ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.








