කොළඹ කොටස් වෙළෙඳපොළේ 130 වසරක ඉතිහාසයේ අර්බුධකාරී දිනය ඊයේ

සිය 130 වසරක ඉතිහාසය තුළ දරුණුතම සහ අපකීර්තිමත්ම සිදුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (07) මුහුණ දුන්නා.

අලුතින් ලැයිස්තුගත වූ සමාගමක කොටස් ගනුදෙනුවකදී සිදු වූ බරපතළ දෝෂයක් හේතුවෙන් එදින සිදු වූ සියලුම ගනුදෙනු අවලංගු කිරීමටයි බලධාරීන්ට සිදුවුණේ.

රුපියල් 7.00කට නිකුත් කළ සමාගමක කොටසක්, ගනුදෙනු ආරම්භයේදීම රුපියල් 25,000 බැගින් කොටස් මිලියන 6ක් අලෙවි වී තිබුණා.

මෙය රුපියල් බිලියන 150ක දැවැන්ත වටිනාකමක් බව සඳහන්.

මෙම අසාමාන්‍ය මිල ඉහළ යාම නිසා ඇති වූ අවදානම සලකා බැලූ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), පෙරවරු 9.54ට ගනුදෙනු තාවකාලිකව නතර කළා.

මෙම සිදුවීම හුදෙක් තාක්ෂණික හෝ “මානුෂීය වැරද්දක්” (Human Error) ද නැතිනම් සැලසුම් සහගතව සිදු කළ වංචාවක් ද යන්න පිළිබඳව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය දැඩි ලෙස පළුදු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.