කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පෙරහර අද

ඓති­හා­සික කැල­ණිය රජ­මහා විහා­රයේ වාර්ෂික දුරුතු මහා පෙර­හර මංගල්‍ය අද (08) ආරම්භ වේ.

අද (08) උඩ­ම­ළුව පෙර­හ­රත්, හෙට (09) පහත මළුවේ පෙර­හ­රත්, 10 වැනිදා රන්දෝලී පෙර­හ­රත් වර්ත­මාන විහා­රා­ධි­පති ආචාර්ය කොල්ලු­පි­ටියේ මහින්ද සංඝ­ර­ක්ඛිත හිමිගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් පැවැ­ත්වී­මට කට­යුතු සූදා­නම් කර ඇතැයි කැල­ණිය රජ­මහා විහාර දායක සභාවේ සභා­පති, රුසි­යාවේ හිටපු තානා­පති සමන් වීර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙවර පෙර­හ­රට අලි ඇතුන් 30 දෙනකු පමණ සහ­භාගි කරවා ගැනී­මට නිය­මිත අතර උඩ­රට, පහ­ත­රට හා සබ­ර­ගමු නර්තන සම්ප්‍ර­දා­යන් පිළි­බිඹු කරන නර්තන අංග රැසක් එක් කිරී­මට නිය­මි­තය. ඓති­හා­සික කැල­ණිය රජ­මහා විහා­රයේ වාර්ෂික දුරුතු මහා පෙර­හර මංග­ල්‍යයේ අව­සන් රන්දෝලි පෙර­හර වෙනු­වෙන් ශ්‍රී ලංකා පොලී­සිය විසින් විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් සහ රථ­වා­හන සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කර තිබේ.

ඒ අනුව මාර්ග බාධක, ආර­ක්ෂක රාජ­කාරි, රථ වාහන හා පුද්ග­ල­යන් පරීක්ෂා කිරීම, සංචා­ර­ක­යන්ට මඟ­පෙ­න්වීම හා රථ වාහන ගාල්කි­රීම් ඇතුළු විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් මේ යටතේ ක්‍රියා­ත්මක බවත් සමන් වීර­සිංහ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

බුද්ධ පූජා පින්ක­මක් ලෙස 1925 වස­රේදී ආරම්භ කර ඇති මේ පෙර­හර බුදු රජා­ණන් වහ­න්සේගේ පූජ­නීය කැල­ණිය සංචා­රය සිහි­පත් කෙරෙයි.

බුදුන්ගේ ප්‍රථම ලංකාගම­නය සිහි­පත් කරනු පිණිස කැල­ණිය රජ­මහා විහා­රා­ධි­පති අප­වත්වී වදාළ මාපි­ටි­ගම ධම්ම­ර­ක්ෂිත නාහි­මි­පා­ණන් වහ­න්සේගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් 1927 දී විධි­මත් පෙර­හ­රක් ලෙස මෙය නැවත ආරම්භ කෙරිණි. මෙය ජාතියේ පැරණි ආග­මික චාරිත්‍ර සහ උත්සව නිරූ­ප­ණය කරන චාරි­ත්‍ර­යක් වන අතර මෙරට පැරණි සම්ප්‍ර­දා­යන් සහ සංස්කෘ­තික උරු­ම­යන් ප්‍රද­ර්ශ­නය කරනු ලබයි.

දුරුතු පෙර­හර බුදු රජා­ණ­න්ව­හ­න්සේගේ ලංකාගම­නය සිහි­පත් කිරීම සඳහා විහා­ර­ස්ථා­නයේ වාර්ෂි­කව පව­ත්වනු ලබන ආග­මික උත්ස­වයේ කූට­ප්‍රා­ප්තිය වේ. මේ සංස්කෘ­තික චාරිත්‍ර හා සම්බන්ධ ආග­මික උත්සව පුරා මාස­යක් පවතී.

දුරුතු උත්ස­වය අදි­යර තුන­කින් සම­රනු ලබයි. එය ආරම්භ වන්නේ සෑම රාත්‍රි­ය­කම පව­ත්වනු ලබන දේශනා මාලා­ව­කින් (ධර්ම දෙසන) හා සති­යක පිරිත් සජ්ඣා­යනා කිරීමේ උත්ස­ව­ය­කින් (පරි­ත්‍රාණ දෙසන) ය. එය දුරුතු පුර පස­ළො­ස්වක පොහො­යට පෙර දින තුනක් අඛ­ණ්ඩව රාත්‍රි­යේදී පැවැත්වේ. ඉන්

අන­තු­රුව මෙම චාරි­ත්‍රය අව­සන් වන්නේ සුප්‍ර­සිද්ධ පෙර­හ­රෙනි. පෙර­හර මංග­ල්‍යයේ විශේ­ෂි­තම අංගය වන අතර මෙය දැක බලා­ගැ­නී­මට දිව­යිනේ සතර දෙසින් ජනී ජනයා කැල­ණි­යට පැමි­ණෙ­න්න­ටද විණි. එම නිසාම අද වන විට කැල­ණිය සංචා­රක ගම­නා­න්ත­යක් ලෙස ලොව ප්‍රසි­ද්ධි­යට පත්ව ඇත.

රන්මලී සෝම­සිරි