අධි­ක­ර­ණයේ පෙනී සිටි­න්නැයි සුජීව සේන­සිං­හට නියෝග

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සුජීව සේන­සිංහ මහ­තාට අයත් බව කියන රුපි­යල් කෝටි දහ­යක් පමණ වටිනා සුඛෝ­ප­භෝගී V8 වර්ගයේ මෝටර් රථය සම්බ­න්ධ­යෙන් මෝටර් රථ ආඥා පනත යටතේ රථ­වා­හන අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා ඇති බැවින් ලබන 29 අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­න්නැයි කොටුව මහේ­ස්ත්‍රාත් ඉසුරු නෙත්ති­කු­මා­රගේ මහතා ඊයේ (7) සුජීව සේන­සිංහ මහ­තාට නියෝග කළේය.

V8 වර්ගයේ වාහ­න­යක් එක­ලස් කළ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පවරා ඇති නඩුව කැඳවූ අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය සිදු කළේය.

නඩුව කැඳවූ අව­ස්ථා­වේදී රථ­වා­හන ආඥා පනත යටතේ රථ­වා­හන අධි­ක­ර­ණය හමුවේ නඩු පවරා ඇති බව වැඩි­දුර වාර්තා­වක් ඉදි­රි­පත් කර­මින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් නඩුව කැඳවූ අව­ස්ථා­වේදී ඇප මත මුදා හැර ඇති සුජීව සේන­සිංහ මහතා විවෘත අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.

සුභා­ෂිණී සේනා­නා­යක