විපතට පත් ජනතාවට සහන සලසන්න හදිසි නීතියක් අවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) ප්‍රකාශ කළේය.
Òනිශ්චිත තත්ත්වයක් සම්බන්ධයෙන් හදිසි නීතිය දීර්ඝ කරන බවට අගමැතිනිය ප්‍රකාශ කරනවා. සුළි කුණාටුව තුළ රජය වරද්දා ගත්ත තැනක් තමයි ව්‍යසන කළමනාකාරී පනතේ ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම. ඒක ක්‍රියාත්මක කළේ නැහැ. අපි ඉල්ලීම් කළා. එය ක්‍රියාත්මක කළා නම් එම පනතේ 12 වැනි කොටස හරහා ගතයුතු නිසි පියවර ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිර්මාණය වූ හදිසි තත්ත්වය තුළ අපි හදිසි නීති රෙගුලාසි ගැන සඳහන් කළා. මේ ක්‍රියාත්මක කර තිබෙන මහජන ආරක්ෂණ ආඥා පනතේ රෙගුලාසි ක්‍රියාත්මක කර තිබෙන්නේ නිර්මාණය වූ ආපදාවට විසඳුමක් ලෙස නොවෙයි. අරගල සමයේ නීති රෙගුලාසි ද ඇතුළත්ව තිබෙනවා. අපි ඉල්ලා සිටියේ මහජන ආරක්ෂාව මේ ආපදා තත්ත්වයේ දී ලැබිය යුතු සහන සහ ඉක්මන් සේවාව ගැන සඳහන් කරන්නයි. බියෙන් සැකයෙන් තොරව ඉක්මණින්ම ජනතාවට සහන ලබාදෙන්න කියලයි අපි ඉල්ලා සිටියේ.








