පිලිපීනයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය දක්වයි
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැගෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හටගෙන ඇති බවය.
භූකම්පනය සිදුව ඇත්තේ කිලෝමීටර් 10ක් ගැඹුරින් බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට භූකම්පනයෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳ කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව සඳහන් වෙයි.







