තඹ­ර­විල කතගේ කසිප්පු බිව් 5ක් මැරිලා

තඹ­ර­විල ප්‍රදේ­ශයේ කාන්තා­වක් විසින් සිය නිවෙසේ අලෙවි කළ නීති විරෝධී මත්පැන් පානය කළ වෙන්න­ප්පුව, වයි­ක්කාල හා තඹ­ර­විල ප්‍රදේ­ශ­වල පුද්ග­ල­යන් 5 දෙනකු මිය­ගොස් තවත් තිදෙ­නකු මීග­මුව රෝහ­ලට ඇතු­ළත් කර තිබේ.

ඊයේ (06) උදෑ­සන මේ සිද්ධිය සිදුව තිබෙන අතර මෙසේ මිය ගොස් ඇත්තේ ජුඩ් ප්‍රශාත් නිශාන්ත (58), වසන්ත රණ­සිංහ (53), කෝවිල් සෙල්වම් (28), රංජිත් ප්‍රනාන්දු (60), කේ.එච්.ජයන්ත (56) යන අය­ව­ලු­ළුන්ය. ඔවුන් වයි­ක්කාල තඹ­ර­විල, ඔතා­නෙ­ගම අනු­රා­ධ­පුර, ඩය­න­ගම හැටන්, පැල්ම­ඬුල්ල රත්න­පුර, මාප­ල­ගම ප්‍රදේ­ශ­වල පදිං­චි­ක­රු­වන් බවට හඳු­නා­ගෙන ඇත.

ඉකුත් 04දා පස්ව­රුවේ මෙම පිරිස එම ප්‍රදේ­ශ­යේම කසිප්පු අලෙවි කළ කාන්තා­ව­ක­ගෙන් කසිප්පු මිල­දී­ගෙන පානය කර ඇති බව අනා­ව­ර­ණය කර­ගෙන තිබේ. ඉන් අන­තු­රුව මෙම කසිප්පු පානය කළ අයට කිසි­යම් රෝගී තත්ව­යක් ඇති­වීම හේතු­වෙන් ප්‍රති­කාර ලබා­ගෙන ඇති බව සඳ­හන් වේ.

පසුව ඊයේ (06) දින උදෑ­සන පෙර­ව­රුවේ මෙම පිරි­ස­ගෙන් තිදෙ­නෙක් ඔවුන් නවා­තැ­න්ගෙන සිටි ස්ථාන­වල මිය­ගොස් සිටි­යදී සිරුරු හමුවී තිබේ.

මේ අතර කසිප්පු පානය කර අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දෙදෙ­නෙක් මාර­විල මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර රෝහ­ල්ගත කර සිටි­යදී මිය­ගොස් ඇති බව පව­සයි. මේ අතර කසිප්පු පානය කළ තවත් තිදෙ­නෙක් මීග­මුව මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

මේ පිරි­සට කසිප්පු පැකට් අලෙවි කළ බව කියන තඹ­ර­විල ප්‍රදේ­ශයේ පදිංචි 65 හැවි­රිදි කාන්තා­වක් වෙන්න­ප්පුව මූල­ස්ථාන පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඇය ඉතා­මත් සූක්ෂ්ම අන්ද­මින් කසිප්පු පැකට් කර රාත්‍රී කාල­යේදී තඹ­ර­විල ප්‍රදේ­ශයේ ඇයගේ නිවස ඉදි­රි­පිට මාර්ගයේ තබා විකුණා ඇති බව පොලී­සිය කියයි.

මෙම මිය­ගිය සහ රෝහ­ල්ගත කර සිටින අය­ගෙන් බහු­ත­ර­යක් පිට පළා­ත්ව­ලින් පැමිණ එම ප්‍රදේ­ශයේ ව්‍යාපා­රික ස්ථාන­වල නැවතී සේවය කරන අය වෙති.

මරණ සම්බ­න්ධ­යෙන් මාර­විල අති­රේක මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් සිද්ධිය වූ ස්ථාන­යට පැමිණ ස්ථානීය පරී­ක්ෂ­ණය සිදු­කර සිරුර පශ්චාත් මරණ පරී­ක්ෂණ සිදු­කි­රී­මට රෝහ­ලට යවන ලෙස පොලී­සි­යට නියෝග කළේය. හලා­වත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි රොහාන් පෙරේරා මහ­තාගේ අධී­ක්ෂ­ණ­යෙන් වෙන්න­ප්පුව සහ­කාර පොලිස් අධි­කාරි අසේල පුල්වංශ මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිළිණ හෙට්ටි­ආ­රච්චි මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­යම සිද්ධිය සම්බ­න්ධව පුළුල් පරී­ක්ෂ­ණ­යක් සිදු කරයි.

මාර­විල සමූහ – මිහිර විජේ­සේ­කර