ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ලෙස වසර හතරකට ආසන්න කාලයක් සේවය කළ ජූලි චන්ග් (Julie Chung) එළඹෙන ජනවාරි 16 වැනිදා සිය ධුරයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව යන බව තහවුරු කර තිබෙනවා.
ඇය සිය සමුගැනීමේ පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, තම සේවා කාලයේ පළමු දිනයේ සිටම ප්‍රධාන අරමුණ වූයේ අමෙරිකානු අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ අමෙරිකානු ජනතාවට ප්‍රතිඵල ලබා දෙන සබඳතාවක් ගොඩනැගීම බවයි.
එසේම නිදහස්, විවෘත සහ ආරක්ෂිත ඉන්දු-ශාන්තිකර කලාපයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට හැකි වූ බව ද ඇය පෙන්වා දෙනවා.
2022 වසරේ පෙබරවාරි මාසයේදී රාජකාරි ආරම්භ කළ ඇයගේ සේවා කාලය තුළ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් සනිටුහන් කර තිබෙනවා.
තමා ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහොතක්ම ආදරයෙන් සිහිපත් කරන බවත්, දෙරට අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, ඇය ප්‍රකාශ කර තිබෙනවා.
එසේම නව තානාපතිවරයෙකු පත්ව එන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ජේන් හවෙල් (Jayne Howell) වැඩබලන තානාපතිවරිය ලෙස කටයුතු කිරීමට නියමිතයි.








