කැලණි පෙරහැර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජ මහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැරට සමගාමීව අද (07) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

ඒ අනුව, කැලණිය රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර කැලණි සිරි වටරවුම, පෑලියගොඩ මාර්ගය ඔස්සේ පිලපිටිය කනත්ත අසලින්, ගෝනගම්පල මාර්ගයේ බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසලින් වරාගොඩ මාර්ගයට පිවිස, නුන්ගමුගොඩ හන්දිය, ගල්බොරැල්ල, වලන්කඩේ හන්දියෙන් ඇතුළු වී විහාර මාවත ඔස්සේ බියගම මාර්ගයට පිවිස, නවලෝක වාහල්කඩ ඔස්සේ ගෙවැදීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් පස්වරු 03:00 සිට රාත්‍රී 08:00 දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්.

 news images news images