ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම ආපදාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු කටයුතු සූදානම් කර ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් හෙට (08) සිට දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවත්, ඌව පළාතේ සහ මඩකළපුව, අම්පාර, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 කට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ යන ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.








