ආපදා තත්ත්ව­යට මුහු­ණ­දී­මට හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කර­නවා

පසු­ගිය දින­යන්හි ඇති වූ ස්වාභා­වික ආපදා තත්ත්ව­යට මුහු­ණ­දීම සඳහා හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කිරී­මට පිය­වර ගන්නා බව අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන හා වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (06) පැව­සු­වාය.

මෙම හදිසි නීතිය දීර්ඝ කර­නුයේ මෙම ස්වාභා­වික ආප­දා­වට මුහු­ණ­දී­මට පම­ණක්ම වන බවත් මෙම නීතිය වෙනත් කිසිදු අව­ශ්‍ය­තා­ව­කට භාවිත නොක­රන බවත් අග්‍රා­මා­ත්‍ය­ව­රිය ප්‍රකාශ කළාය.

හදිසි ආපදා නීතිය තවත් මස­කින් දීර්ඝ කර ගැනීම සඳහා වූ විවා­ද­යට එක්වෙ­මින් අග­මැ­ති­ව­රිය මේ බව කියා සිටි­යාය.

අග­මැ­ති­ව­රිය මෙසේද පැව­සු­වාය.

“දිට්වා සුළි කුණා­ටුව නිසා විශාල හානි­යක් සිදු වුණා. මීට පෙර නුදුටු අන්දමේ බල­පෑ­මක් මෙම­ඟින් අපට අත්වි­ඳී­මට වුණා. රජය ප්‍රති­චාර දක්ව­මින් මේ ආප­දාවේ බර­ප­ත­ළ­කම තේරුම් ගෙන ඉදිරි කට­යුතු සිදු කර­මින් තිබෙ­නවා. මේ දරුණු ආපදා තත්ත්ව­යට මුහු­ණ­දීම සඳහා මහ­ජන ආර­ක්ෂක පනතේ විධි­වි­ධාන යටතේ අති­වි­ශේෂ ගැසට් එක­කින් හදිසි තත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට ජනා­ධි­ප­ති­තුමා කට­යුතු කළා. ආපදා කළ­ම­නා­ක­රණ කවු­න්සි­ලය රැස් කළ අව­ස්ථා­වේ­දීත් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රු­නුත් හදිසි ආපදා තත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙසට ඉල්ලීම් කළා. මේ හදිසි තත්වය තවත් මාස­යක් දිගු කිරීම සඳහා මේ මෝෂන් එක අද ඉදි­රි­පත් කර­නවා. මේ ආප­දාව නිසා හානි­යට පත් වූ ජන­තාව තව­මත් කඳ­වුරු තුළ සිටි­නවා. මේ වන විට සුර­ක්ෂිත මධ්‍ය­ස්ථාන 225ක පවුල් 6592ක් සිටි­නවා. පූර්ණ නිවාස හානි 6037ක් සිදු වුණා. අර්ධ නිවාස හානි ලක්ෂ­ය­ක­යට වඩා සිදුව තිබෙ­නවා. ඇතැම් පිරි­සක් තමන්ගේ ඥාතීන්, හිත මිත්‍රා­දීන්ගේ නිවාස තුළ සිටි­නවා. සුරක්ෂා මධ්‍ය­ස්ථා­න­වල සිටින පිරි­සට වඩා වැඩි පිරි­සක් ඥාති හිත­මි­ත්‍රා­දීන්ගේ නිවෙස් තුළ සිටි­නවා. මේ ආපදා තත්ත්වය තව­මත් සාමාන්‍ය තත්ත්ව­යට පත්වෙලා නැති බව මෙයින් පැහැ­දිලි වෙනවා. ආප­දා­වට පත් වූ පුද්ග­ල­යන් සඳහා සේවා­වන් අඛ­ණ්ඩව පව­ත්වා­ගෙන යාම සිදු විය යුතුයි. ඒ සඳහා මේ හදිසි තත්වය දීර්ඝ කර ගන්න සිදු වෙනවා. මේ නීතිය දීර්ඝ කර ගැනී­මට අපි කට­යුතු කරන්නේ හදිසි අව­ස්ථාව තුළ ආපදා තත්වය කළ­ම­නා­ක­ර­ණය කිරී­මට මිස වෙනත් හේතු­වක් නිසා නොවන බව අව­ධා­ර­ණය කර­නවා.”