අද (07) පෙරවරුවේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පෙර සිදු කෙරුණු සියලු කොටස් ගනුදෙනු අවලංගු කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර තිබෙන්නේ.
අද දින ගනුදෙනු ආරම්භයේදීම පෙරවරු 9.30 ට Wealth Trust Securities Limited සමාගමේ කොටස් මිලියන 6.32 ක් එක් කොටසක් රු. 25,000 බැගින් ගනුදෙනු වී තිබුණු අතර, මූලික මහජන කොටස් නිකුතුවේදී රු. 7.00 බැගින් නිකුත් කෙරුණු කොටසක් මෙලෙස අක්‍රමවත් ලෙස ගනුදෙනු වීම හේතුවෙන් පෙරවරු 9.53 ට පමණ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවීමට පියවර ගත්තා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව අද දිනය තුළ ගනුදෙනු නැවත ආරම්භ කිරීමක් සිදු කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








