පසුගිය රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට හිටපු කැබිනට් ඇමැතිවරයෙක් වන රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (05) එහි පැමිණ තිබේ.
අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනයකට අනුව සිදු කළ දැනුම්දීමකට අනුව ඔහු එහි පැමිණ තිබිණි.
එම සිද්ධියට අදාළව හිටපු කැබිනට් ඇමැතිවරයකු ලෙස සිටි ඔහුගෙන් එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
ඊයේ පෙරවරුවේ එහි පැමිණි ඒ මහතා පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාල, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම් ඇතුළු මහත්ම මහත්මීන් ප්‍රකාශ ලබා දී ඇත.
සුභාෂිණී සේනානායක








