සංචා­රක ව්‍යාපා­ර­යෙන් විදෙස් ප්‍රේෂණවලින් ඩොලර් බිලි­යන 11ක ආදා­ය­මක්

ඉති­හා­සයේ වැඩිම ආදා­යම් මට්ටම වාර්තා කර­මින් පසු­ගිය 2025 වසරේ දී සංචා­රක ව්‍යාපා­ර­යෙන් සහ විදෙස් ප්‍රේෂ­ණ­ව­ලින් රුපි­යල් කෝටි 330,000ක (අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 11) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. ඒ අනුව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.8ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර සංචා­රක ව්‍යාපා­ර­යෙන් උපයා තිබෙන ආදා­යම අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.2ක් වේ. විදේශ කට­යුතු අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ (05) පෙර­ව­රුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක්වෙ­මින් විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා පැව­සුවේ පසු­ගිය 2025 වස­රේදී මේ රටට විදෙස් සංචා­ර­ක­යන් 2,362,000ක් පමණ පැමිණ තිබෙන බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ­කළ ඇමැ­ති­ව­රයා,

“විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය තුළ කට­යුතු කිරී­මේදී පසු­ගිය 2025 වස­රේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ට­මින් අව­බෝ­ධතා ගිවි­සුම්, ද්විපා­ර්ශ්වික ගිවි­සුම් අත්සන් කිරීම මෙන්ම වෙළෙඳ සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කර­ග­නි­මින් ජය­ග්‍ර­හණ රැසක් ළඟා කර­ගන්න අව­ස්ථාව ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව ලෝකය තුළ ඔසවා තබන්න හැකි­යාව ලැබී තිබෙ­නවා. පසු­ගිය 2019 වර්ෂ­යෙන් පසුව මේ රටේ පැවැති සංචා­රක අර්බු­දය අව­සන් කොට ඉල­ක්ක­ස­හ­ගත ගම­නක් යමින් පසු­ගිය 2025 වස­රේදී මෙරට ඉති­හා­සයේ වැඩිම සංචා­ර­ක­යන් පිරි­සක් පැමිණි වර්ෂය ලෙස ඉති­හා­ස­යට එක්වෙ­නවා. මෙරට සංචා­රක ව්‍යාපා­රය දියුණු කරන්න අවශ්‍ය ක්‍රියා­මාර්ග ගෙන තිබෙ­නවා. ඒ හේතු­වෙන් පසු­ගිය 2025 වසරේ දී මේ රටට විදෙස් සංචා­ර­ක­යන් 2,362,000ක් පමණ පැමිණ තිබෙ­නවා. දිට්වා සුළි කුණා­ටු­වත් සමඟ සංචා­රක ව්‍යාපා­රයේ අවි­නි­ශ්චිත තත්ත්ව­යක් නිර්මා­ණය වුවත් ඒ තත්ත්වය ගැට­ලු­ව­කින් තොරව සම­නය කර­ගන්න අපට හැකි­යාව ලැබුණා. පසු­ගිය 2024 වස­රට සාපේ­ක්ෂව 2025 වස­රේදී සංචා­රක පැමි­ණීම සිය­යට 15 කින් පමණ වර්ධ­නය වී තිබෙ­නවා. ලෝකයේ අනෙ­කුත් රට­ව­ලට සාපේ­ක්ෂව අපේ රටේ සංචා­රක කර්මා­න්තයේ කැපී පෙනෙන වර්ධ­න­යක් අත්කර ගෙන තිබෙ­නවා. පසු­ගිය 2025 වස­රේදී සංචා­රක ව්‍යාපා­ර­යෙන් සම­ස්ත­යක් ලෙස ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.2ක පමණ ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකා­වට හැකිව තිබෙ­නවා. හෝටල් ආශ්‍රිත ඉදි­කි­රීම්, ගුවන් තොටු­පළ පුළුල් කිරීම, සංචා­රක ව්‍යාපා­රයේ මාර්ගෝ­ප­දේ­ශ­ක­යන් පුහුණු කිරීම, යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම මෙන්ම සංචා­රක ක්ෂේත්‍රය සඳහා නව ආයෝ­ජන ගෙන්වා ගැනීම පසු­ගිය වස­රේදී සිදුව තිබෙ­නවා. එවැ­න්නක ප්‍රති­ඵල ලෙස මෙරට සංචා­රක ව්‍යාපා­රයේ කැපී පෙනෙන වර්ධ­න­යක් ඇතිව තිබෙ­නවා. ඒ වගේම විදෙස් රට­වල සේවය කරන, ජීව­ත්වන ලාංකි­ක­යන් නව රජය සම්බ­න්ධ­යෙන් විශ්වා­සය තබා මුදල් ප්‍රේෂ­ණය කර තිබෙ­නවා. මැද­පෙ­ර­දිග, ඔස්ට්‍රේ­ලි­යාව, ජපා­නය, කොරි­යාව, ඊශ්‍රා­ය­ලය, අමෙ­රි­කාව, එක්සත් රාජ­ධා­නිය ඇතුළු රට­වල සේවය කරන ලාංකි­ක­යන් විශාල ප්‍රමා­ණ­යක් අපේ රටට මුදල් එවා තිබෙ­නවා. ඒ අනුව මෙරට ඉති­හා­සය තුළ වැඩිම විදෙස් ප්‍රේෂණ අගය වන ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7.8ක අගය පසු­ගිය 2025 වසරේ දී වාර්තා වී තිබෙ­නවා. මීට පෙර වැඩිම විදෙස් ප්‍රේෂණ අගය වන ඩොලර් බිලි­යන 7.14ක අගය වාර්තා කර තිබුණේ පසු­ගිය 2016 වස­රේදී. එම අගය අභි­භවා පසු­ගිය 2025 වස­රේදී ඩොලර් බිලි­යන 7.8ක විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකා­වට ලැබී තිබෙ­නවා. එය විශාල ජය­ග්‍ර­හ­ණ­යක් වෙනවා. ඒ වෙනු­වෙන් දායක වූ සැමට අපගේ ගෞර­වය පිරි­න­ම­නවා.”

සංචා­රක නියෝජ්‍ය ඇමැති මහා­චාර්ය රුවන් රණ­සිංහ මහතා,

“අද වන­විට මෙරට සංචා­රක කර්මා­න්තය කොරෝනා වසං­ග­ත­යට පෙර පැවැති තත්ව­යට පැමිණ තිබෙ­නවා. පසු­ගිය 2025 වස­රේදී 531,000ක සංචා­ර­ක­යින් ඉන්දි­යා­වෙන් පැමිණ තිබෙ­නවා. විදෙස් රට­වල් 7 ක සංචා­ර­ක­යින් ලක්ෂ­යට වැඩි ප්‍රමා­ණ­යක් පැමිණ තිබෙ­නවා. පෝල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව, එක්සත් ජන­ප­දය වැනි රට­වල් සංචා­රක කර්මා­න්තයේ නැඟී එන රට­වල් ලෙස හඳු­නා­ගෙන තිබෙ­නවා. එක්සත් රාජ­ධා­නිය, ජර්ම­නිය, ඔස්ට්‍රේ­ලි­යාව, ප්‍රංශය ඇතුළු රට­ව­ලින් විදෙස් සංචා­ර­ක­යන් ලක්ෂ­යට වැඩි ප්‍රමා­ණ­යක් පසු­ගිය 2025 වස­රේදී පැමිණ තිබෙ­නවා. මේ ඉලක්ක තව­දු­ර­ටත් ඉදි­රි­යට ගෙන යන්න බලා­පො­රොත්තු වෙනවා.”

මහින්ද අලු­ත්ගෙ­දර