මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන ගැසට්ටුව නිකුත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම පනත “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත” ලෙස නම් කර ඇති අතර, එයින් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන බවයි සඳහන් වන්නේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියෝගය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

 news images news images news images news images