අනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නිවසකට පවුල් ආරවුලක් මත පියා විසින් පෙට්‍රල් දමා සිය නිවසට ගිනි ගිනි තැබීමකින් පියා සහ දියණිය මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අද (06) අලුයම 2 පමණ ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් මෙම ගිනිතැබීම සිදුකර ඇත.
මෙම ගින්නෙන් 43 හැවිරිදි ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නට හසුවු 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පියා නිවසට ගිනි තබන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ දියණියන් දෙදෙනා, බිරිඳ සහ බිරිඳගේ මව පමණක් වන අතර, පිරිමි දරුවා සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණ තිබේ.
පසුව මව සහ සහෝදරියන් බේරාගැනීමට යෑමේ දී 20 හැවිරිදි පුත්‍රයා ද පිළිස්සුම් තුවාල ලබා ඇත.








