දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක 03ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

මේ අතර ඌව පළාතේත්, නුවරඑළිය, මාතලේ, පො‌ළොන්නරුව, මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.