ජපානයට ප්‍රබල භූ කම්පාවක්

ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුව තිබේ.

එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලට මෙන්ම ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි යන නගරවලට ද එහි ප්‍රබලත්වය දැනී ඇත.

මීට අමතරව, පෙරවරු 10:30 ට පමණ යසුගි ප්‍රදේශයෙන් තවත් භූමිකම්පාවක් වාර්තා වූ අතර එහි මැග්නිටියුඩ් අගය 5.1 ක් ලෙසත් සටහන් වී තිබුණි.

මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.