ගලෙන්බිඳුණුවැව නිවසක් ගිනි තැබීම නිසා පියා සහ දියණිය මරුට, මව ඇතුළු සිව්දෙනෙක් රෝහලට

මෙහි සංවේදී තොරතුරු අඩංගු වේ. මෙය කියවීමට පෙර ඔබේ රුචිකත්වය සහ මානසික සූදානම පිළිබඳව සැලකිලිමත් වන්න.

ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු විසින් අද අලුයම පෙට්‍රල් දමා සිය නිවසට ගිනි තබා තිබෙනවා.

එම ගින්නට හසුවීමෙන් අදාළ ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගින්නට හසු වූ 36 හැවිරිදි බිරිඳ, 15 හැවිරිදි දියණිය, 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි මිත්තණිය පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පවුල් ආරවුලක් හේතුවෙන් ඔහු විසින් මෙලෙස සිය නිවසට ගිනි තබා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.