සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කිරීමේ සිද්ධියට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.