6 ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂාවට අදාල ප්‍රශ්න ගත මොඩියුලයේ මුද්‍රණ වියදම් අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම අය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.
ප්‍රශ්න ගත මොඩියුලයේ වගකීම අධ්‍යපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය භාර ගත යුතු බවටද ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ ප්‍රශ්නගත මොඩියුලය මුද්‍රණය කිරීමට කෝටි 06 කට වැඩි මුදලක් වැය වී ඇති බවයි.
එබැවින් එම මුදල අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම අය කර ගැනීමට කටයුතු කළ යුතු බවයි එම සංගමය පවසන්නේ.
මේ අතර නව වසරේ පාසල් වාරය අනිද්දා ආරම්භ වන අතර ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසැල් සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභහානි සලකා බලමින් පාසැල් පැවැත්වීමේ වේලාව දීර්ඝ කිරීමේ තීරණය 2026 වර්ෂය තුළදී ක්‍රියාත්මක නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා.








