නව වසරේ ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය අදට යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේ සිදු කිරීමට නියමිතයි.
ඒ වෙනුවෙන් නෙලා ගත් වී අස්වැන්නෙන් සකසා ගන්නා සහලේ අග්‍ර කොටස පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත පසුගිය 30 වැනිදා අලි – ඇතුන් සහිත සංස්කෘතිකාංග වලින් යුත් පෙරහරින් ඊයේ දිනයේ රැගෙන එනු ලැබුවා.
එමෙන්ම ඒ සඳහා අවශ්‍ය සහල් මැන, ශ්‍රී දළදා මාලිගාව, නින්දගම්වලට අයත් විහාරස්ථාන, මහනුවර සිව් මහා දේවාල හා පිටිසරබද දේවාල වලට අයත් කොටස් වෙන් කිරීම සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුවේදී පසුගිය දා සිදු කෙරුණා.








