2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
ඒ අනුව, රුපියල් මිලියන 13,094 ක ආදායම් හිඟයක් පවතින බැවින්, සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
එහිදී ස්ථාවර ගාස්තු මෙන්ම ඒකක ගාස්තු ද ඉහල දැමීමට යෝජනා වී තිබෙනවා.
මේ අතර, විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය පිළිබඳ අධ්‍යයනය කර, ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව, ජනවාරි දෙවන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන බවත්, සති 06 ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








