රට හැදුවේ අපියි කියලා පොඩ්ඩක්වත් ගොනාට ඇඳලා නෑ – බිමල්

ආණ්ඩුව කිසිදු අවස්ථාවක ‘තමන් මුළු රටම සාදා අවසන්’ බව පවසා ‘ගොනාට ඇඳ’ නොමැති බවත්, තවත් බොහෝ දේ සෑදීමට ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

රට නැගිටවිය යුතු බවට 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ජනතාව තීරණය කළ අතර, තම රජය විසින් එය මේ වන විට හැකි උපරිම අයුරින් සිදු කරමින් පවතින බවයි අද (02) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

යම් යම් අඩුපාඩු දේශපාලන අධිකාරියෙන් සිදු වන බවත්, සමහර අඩුපාඩු නිලධාරීන්ගෙන් ද සිදු වන බවත්, සමහර අඩුපාඩු මිනිසුන්ගෙන් ද සිදු වන බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.

එම වැරදි සිදු වන්නේ රට පහළට දැමීමේ අරමුණින් නම්, එයට එරෙහිව සටන් කළ යුතු බවයි බිමල් රත්නායක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.