බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු, ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (03) යෙදී තිබෙනවා.
ලැබුවා වූ 2026 නව වසරේ පළමු පොහොය දිනයද මෙයයි.
බුදුරජාණන් වහන්සේ විසින් මහියංගනයට වැඩම කර, යක්‍ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.
එසේම, බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබාදීමද අද වැනි දිනක සිදකුර ඇති අතර, එම ධාතු නිධන් කොට මහියංගන චෛත්‍යය ඉදිකර ඇති බවයි දැක්වෙන්නේ.








