විදේශ රටකට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අවිශ්ක හේෂාන් නමැත්තාගේ අනුගාමිකයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.
සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් විද්‍යුත් තරාදියක්, පොලිස් භාරයට ගෙනෙන තිබුණා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්තට ලද තොරතුරකට අනුව කළුබෝවිල රෝහල පාරේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 දෙහිවල කළුබෝවිල ,රෝහල පාර පදිංචිකරුවෙක්.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වනවා.








