රියැදුරු අකුසලතා ලකුණු මේ වසරේ සිට

මෝටර් රථ රියැදුරු අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය මේ වසරේ ක්‍රියාත්මක කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ පවසනවා.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ හිරු ප්‍රවෘත්ති කළ විශේෂ විමසීමකදීයි.

ඊට අදාල තාක්ෂණික කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවත් ඊට අදාළ ක්‍රමවේදය ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රවාහන අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය යන ආයතනවල විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් විසින් සකස් කරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.