දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු පශ්චාත් ආපදා පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම අරමුණු කරගත් Rebuilding Sri Lanka ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
පශ්චාත් ආපදා පුනරුත්ථාපන, ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය, අධීක්ෂණය කිරීම සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සභාපතිත්වයෙන් කැබිනට් ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පළාත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයන් ඇතුළු 25 දෙනකු ඇතුළත් කරමින් මේ ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කර තිබේ.
කමිටුවේ ලේකම් ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා ද පත්කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් ඊට අදාළ ගැසට් නිවේදනය පෙරේදා (31) නිකුත් කෙරිණි.
විජිත හේරත්, ඒ.එච්.එම්.එච්. අබයරත්න, ලාල්කාන්ත, උපාලි පන්නිලගේ, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, අනිල් ජයන්ත ප්‍රනාන්දු, ධම්මික පටබැඳිගේ, සුසිල් රණසිංහ ඇමැතිවරු මේ කමිටුවට අයත්ය.
බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක, මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක ලේකම් එච්.එස්.එස්. තුයියකොන්තා, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්රභාවත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එච්.කේ.ජේ. බණ්ඩාර මහත්වරු ද මීට ඇතුළත්ය.
රෝහණ හෙට්ටිආරච්චි, මලර්මති ගංගාදරන්, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, සමන්තා ද සිල්වා, මන්දනා ඉස්මයිල්, පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීහු කමිටුවේ අනෙකුත් සාමාජිකයෝය.
ඒ අනුව මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම වැනි රට නැවත ගොඩ ගැනීමේ ක්‍රියාකාරම්වලදී සමස්ත මඟපෙන්වීම, උපායමාර්ග තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම සහ ප්‍රතිසාධන හා ප්‍රතිසංස්කරණ තීරණ සඳහා මඟපෙන්වීම මේ කමිටුවට පැවරේ.
ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම අදාළ ක්ෂේත්රයන්හි පුනරුත්ථාපන, ප්‍රතිසාධන, ප්‍රතිසංස්කරණ සහ අරමුදල් රැස්කිරීමේ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්තවයෙන් උප කමිටු ද පත්කර ඇත.
ඒ අනුව පශ්චාත් ආපදා අවශ්‍යතා අගැයුම් කමිටුව, පොදු යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව, පීඩාවට පත් ප්‍රජාව සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව, දේශීය ආර්ථිකය සහ ජීවනෝපාය ජුනර්ජීවනය කිරීමේ කමිටුව, සමාජ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය පිළිබඳ කමිටුව, සමාජ යටිතල පහසුකම් කමිටුව, මූල්‍ය සහ අරමුදල් කමිටුව, දත්ත සහ තොරතුරු පද්ධති පිළිබඳ කමිටුව, මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව වශයෙන් කමිටු 8ක් ද ස්ථාපිත කර වගකීම් පවරා ඇත.
සමන්මලී ප්‍රියශාන්ති








