ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සිය ධුරයෙන් තාවකාලිකව ඉවත් වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය මංජුලා විතානපතිරණ තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයකට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් වන තෙක් ඇය මෙලෙස සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.