නවගමුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව, පිරිමි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම වෙඩි තැබීමෙන් එක් අයකු මිය ගොස් ඇති අතර, අනෙක් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.