6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ සඳහන් නුසුදුසු යෙදුමක් ඇතුළත් වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිළියෙළ කළ, මේ වන විට මුද්‍රණය අවසන් කර ඇති, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති අතර එබැවින් වහාම එම මොඩියුලය බෙදා හැරීම අත්හිටුවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ.

හෙට (31) දිනයේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිලි කිරීමට අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

 news images