කොහුවල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් බෝධියවත්ත ප්‍රදේශයේ නිවසකට මෙසේ වෙඩි තබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ වෙඩි තැබීමෙන් 16 හැවිරිදි ගැහැනු ළමයකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.

වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ වෙඩි තැබීම සිදුකළ නිවසට යාබද නිවස බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.