අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී 6 වසර මොඩියුලේ සඳහන් නොවිය යුතු කරුණක් සම්බන්ධයෙනි.
බාහිර පාර්ශවයක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස මෙවැනි ඇතුළත් කිරීමක් සිදුකර ඇති බවට සැකකරන බව නාලක කළුවැව මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.
මෙවැනි අකටයුත්තක් සිදුකිරීමට කටයුතු කර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙය අවසාන මුද්‍රණය නොවන අතර මෙහි වගකීම අවසානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සතුවන බවත් කිසිසේත්ම මෙම ප්‍රකාශනය නීත්‍යානුකූලව සිදුවන්නේ නැති බවද කළුවැව මහතා කියා සිටියේය.








