විදෙස් ඇමති විජිත බංග්ලාදේශයට

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි.

ඒ අනුව අද(31) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් UL 189 ගුවන් යානයෙන් අමාත්‍යවරයා ඩකා නුවර බලා පිටව ගියේ ය.

අද සවස පැවැත්වෙන බංග්ලාදේශයේ හිටපු අගමැති බේගම් ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවය පැවැත්වෙනු ඇත.

බංග්ලා­දේ­ශයේ පළමු කාන්තා අග­මැ­ති­නිය සහ ලොව දෙවැනි මුස්ලිම් රාජ්‍ය නායි­කාව ලෙස ඉති­හා­ස­යට එක්වූ 80 හැවි­රිදි කලීඩා සියා ඊයේ උදෑ­සන මෙලො­වින් සමු­ග­ත්තාය.

ඇගේ මර­ණය සිදු­වූයේ වසර 17ක් රටින් ඈත්වී සිටි ඇගේ වැඩි­මල් පුත්‍රයා තරික් රහ්මාන් නැවත බංග්ලා­දේ­ශ­යට පැමි­ණී­මෙන් දින කිහි­ප­ය­කට පසු­වය. සිය මවගේ රෝගී තත්ත්වය සොයා බැලී­මට සහ ඉදිරි මැති­ව­ර­ණ­යට තරග කිරී­මට නැවත මව්බි­මට පැමිණි තරික්ට සියලු සහාය ලබා­දී­මට පිය­වර ගත් අන්ත­ර්වාර රජය කලි­ඩාගේ අව­මංගල කට­යුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහි­තව අද සිදු කිරී­මට නිය­මිතය.